Earthworms

ගැඩවිල්ලු

line

Ruwan Bandujeewa


“පියතුමනි
කිමද අප නොයන්නේ 
වප් මගුල් උළෙලට 
රජතුමාත් ඒවි අද කුඹුරට 
හැරපියා මේ මුනිවත 
කියා පෑ යුතු නොවෙද ඔබ ඔවුනට
අප විසින් 
සාරවත් කල බැව් මේ පස 
පොළෝ කුහරය තුල සැඟව හිඳ”

“කුඩා ගැඩවිල් පුත
උදලු තලයකට පුරුද්දක් නැත 
හඳුනගෙන
පස සරු කල සහ නොකල උන්ගේ වත 
තව තවත් හාරගෙන
අඳුරු මඩ තුළ ගිලී යනු මිස 
 ඉහල එළිමහන වෙත 
යෑම නුසුදුසුය පුත.”

Earthworms

line

Chamini Kulathunga


“Dear father,
why don’t we attend
the Ploughing Festival?
Even the king is coming
to the field today.
Shouldn’t we break this silence
and announce
it is us
who manured this soil
from within the bowels of the earth?”
   
“Little earthworm son,
a hoe’s blade knows not
those who manured the soil
and those who did not.
Therefore, rising into the open air
is unadvised.
Drill your way deeper
to the dark depths of mud.
Doing otherwise, my son,
is not wiser.”