Earthworms

ගැඩවිල්ලු

line

Ruwan Bandujeewa


“පියතුමනි
කිමද අප නොයන්නේ 
වප් මගුල් උළෙලට 
රජතුමාත් ඒවි අද කුඹුරට 
හැරපියා මේ මුනිවත 
කියා පෑ යුතු නොවෙද ඔබ ඔවුනට
අප විසින් 
සාරවත් කල බැව් මේ පස 
පොළෝ කුහරය තුල සැඟව හිඳ”

“කුඩා ගැඩවිල් පුත
උදලු තලයකට පුරුද්දක් නැත 
හඳුනගෙන
පස සරු කල සහ නොකල උන්ගේ වත 
තව තවත් හාරගෙන
අඳුරු මඩ තුළ ගිලී යනු මිස 
 ඉහල එළිමහන වෙත 
යෑම නුසුදුසුය පුත.”

සැපකි — සතුටකි

තවත් එක් පඹයෙක් හදන්නට ගිහින් එක්කහු වෙනව වෙනුවට උපන් කමතට පොහොර වෙන එක සැපකි — සතුටකි පිදුරු ගසකට

ඇළ

ඇළ හොඳින් හැඳ පැළඳ ඇවිද යයි කුඹුරු මැද වැව අරෙහෙ නිදි නැතිව මේ ඇඳුම මහපු බව කිසිම වී කරලකට ඇළ කියා නැත තවම

ගසක් තම මල් අමතා කී කවිය

ගණන් කර බැලූ විට තවත් මල් කීපයක් පිපෙන්නට නියමිතව ඉතිරි වී ඇති බැවින් කැමැත්තෙන් පර වෙන්න කැමති මල් සිටී නම් සුළඟ එන්නට කලින් වරක් අත් ඔසවන්න

Earthworms

line

Chamini Kulathunga


“Dear father,
why don’t we attend
the Ploughing Festival?
Even the king is coming
to the field today.
Shouldn’t we break this silence
and announce
it is us
who manured this soil
from within the bowels of the earth?”
   
“Little earthworm son,
a hoe’s blade knows not
those who manured the soil
and those who did not.
Therefore, rising into the open air
is unadvised.
Drill your way deeper
to the dark depths of mud.
Doing otherwise, my son,
is not wiser.”

A Joy — A Bliss

Rather than joining in creating yet another scarecrow decaying into the homefield is a joy — a bliss to a stick of straw

Canal

The canal, dressed all fine and dandy glides across the paddies how the lake sewed its garb over sleepless nights the canal hasn’t breathed a word to a single grain of rice

A Tree to its Flowers

Upon counting the remaining buds awaiting to blossom, a tree said to its flowers if there be flowers volunteering to wilt raise your hand just once before the wind comes